ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් මුදා හරියි

(කොළඹ, ලංකාපුවත්) –එංගලන්තයේ ලන්ඩන් නුවර ලුටන් ගුවන් තොටුපලේ දී පසුගිය දා අත්අඩංගුවට ගැනුණු ශ‍්‍රී ලාංකිකයින් සිව්දෙනා විමර්ශනවලින් පසු මුදා හැර තිබේ.

පසුගිය 10 වන දින පස්වරුවේ ලූටන් ගුවන්තොටුපල වෙත පැමිණි මොවුන් සිව් දෙනා පසුගිය 11 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් 04දෙනා අත්අඩංගුවට ගැනුණේ ත‍්‍රස්ත චෝදනා යටතේය.

පොලිස් සහ අපරාධ සාක්ෂි පනත යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව මෙට්‍රොපොලිටන් පොලීසිය පැවසුවා. ඔවුන් තහනම් සංවිධානයක සාමාජිකයින් ලෙස කටයුතු කරන බවට තොරතුරු ලැබී තිබුණු බව එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණි. පසුව ඔවුන් පොලිස් භාරයේ රඳවාගෙන විමර්ශන සිදු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *