ජනපති සුබ නැකතට පැළයක් සිටුවයි

(කොළඹ, ලංකාපුවත්) –ඊයේ (15) පෙ.ව 11.17 ට උදා වූ සුබ නැකතින් ජනාධිපති නිල නිවස පරිශ්‍රයේ පළතුරු පැළයක් සිටුවා සුබ නැකතට පැළයක් සිටුවීමේ චාරිත්‍රය සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක් විය.

තුන් පොකුරු යෝගය යෙදී තිබූ ඊයේ පෙ.ව 11.17 ට ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම යෝග්‍ය බවට මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අතරට එක් කර තිබුණි.

මතු පරපුර වෙනුවෙන් පරිසර සංරක්ෂණයේ වැදගත්කම අන්කවරදාටත් වඩා තදින් දැනී ඇති අද දවසේ එම චාරිත්‍රය සමග එක්ව සිය පුරවැසි වගකීම ඉටුකරන ලෙස අලුත් අවුරුදු උදාව සමග ජනාධිපතිතුමා සමස්ත රටවාසි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *