(කොළඹ, ලංකාපුවත්) –උත්සව සමයේ දීප ව්‍යාප්තව සිදුකළ මෙහෙයුම්වලදී නීති විරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 100කට ආසන්න පිරිසකට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය 13 සහ 14 යන දෙදින තුළදී අදාල වැටලීම් සිදුකළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ සඳහා සුරා බදු නිළධාරීන් 1200ක් පමණ අනුයුක්ත කර තිබේ.
අදාල කාලය තුළ බරපතල ගණයේ සුරා අපරාධ වාර්තා නොවීම විශේෂත්වයක් බව සුරා බදු දෙපාර්තමේන්තුව සදහන් කළේය.
සුරා බදු බලපත්‍ර කොන්දේසි කඩකල සුරා බදු නිළධාරීන්ට එරෙහිව නිත්‍යානුකූලව පියවර ගැනීමටද එම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.