ශ්‍රී ලංකා නායකත්වය දිමුත්ට

(කොළඹ, ලංකාපුවත්) – 2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න පත්කර තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ඒ සදහා ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිව ඇති බවය.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ප‍්‍රකාශට පත්කර නොමැත.

මේ අතර ශ්‍රී ලංකා සංචිතය අද (18) දිනයේ දී නම් කිරීමට නියමිත බව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *