බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දිනක ආදායම ලක්ෂය පනී

(කොළඹ, ලංකාපුවත්) –බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ඊයේ (17) පෙරවරුවේ ප්‍රවේශපත්‍ර ආදායම රුපියල් ලක්ෂය ඉක්මවු බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම ආදායම බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ලැබී ඇත්තේ මෙවර සිංහල අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාව මාතර සිට බෙලිඅත්ත දුම්රිය දක්වා අලුතින් ඉදිකල දුම්රිය මාර්ගයේ ධාවනය වු දුම්රියේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට මාතර දක්වා ගමන් කිරීමෙණි.

මාතර දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමත් සමඟ මගීන් විශාල පිරිසක් දුම්රියේ ගමන් කිරීමට පටන් ගෙන තිබිණ. නමුත් මෙවර සිංහල අවුරුද්ද උතුරේ සිට දකුණට නෑගම් ගිය ජනතාව ලෑන්ඩ් මාර්ටර් (අත්ට්‍රැක්ටර් )වලින් බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණ තමන් පැමිණි රථය දුම්රිය ස්ථානයේ ගාල් කොට මාතර දුම්රිය ස්ථානය බලා දුම්රියේ ගමන් කොට ඇතැයිද ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මාතර සිට බෙලිඅත්තට බස්රථවලින් ගමන් කිරීමට පැයකුත් විනාඩි දහයක් ගතවන අතර රුපියල් 60/- මුදලක්ද වැයවෙනු ඇත. නමුත් දුම්රියේ ගමන් කිරීමේදි රුපියල් 33/- ක් වැනි සුළු මුදලකින් විනාඩි 30 වැනි කාලයක් ඇතුළත මාතර සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ගමන් කළ හැකි බවද දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මාතර බෙලිඅත්ත දුම්රිය ධාවනය පටත් ගත් පසු ජනතාවට විශාල ගමන් පහසුවක් ඇතිවී තිබෙන අතර , එම ප්‍රදේශය සීඝ්‍ර වශයෙන් දියුණුවට පත්වන බවත්, ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවතයට විශාල සහනයක් ඇතිවි තිබෙන බවත් ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *