මධූෂ් හැර ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සියළු දෙනා දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් ගායක අමල් පෙරේරා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද (24) පෙරවරුවේ මුදාහැර ඇත.

මේ අතර ඩුබායිහිදි අත්අඩංගුවට ගත් පිරිසෙන් අබුබාකර් මොහොමඩ් නැමැත්තා ද එරටින් පිටුවහල් කොට අද අලුයම මෙරටට පැමිණි අතර ඔහු මේ වන විට ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු එකකය භාරයේ පසු වේ.

ඒ අනුව ඩුබායි හිදි අත් අඩංගුවට පත් 31 දෙනාගෙන් මාකඳුරේ මදූෂ් හැර සෙසු තිස් දෙනා මේ වන විට මෙරටට පිටුවහල් කොට අවසන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + 12 =