සැක කටයුතු යමක් ඇත්නම් දැනුම් දෙන්න – යුද හමුදාව

(කොළඹ, ලංකාපුවත්) –දැනට පවතින හදිසි ආරක්ෂක වාතාවරණය සැලකිල්ලට ගෙන ත්‍රස්තවාද කටයුතු සඳහා සම්බන්ධ හෝ සැක කටයුතු පුද්ගලයින් , වාහන , ක්‍රියාකාරකම් ආදිය පිළිබඳ විස්තර ඔබ සතු වේ නම් එම තොරතුරු හැකි ඉක්මනින් තමන් වෙත ලබා දෙන ලෙස යුද්ධ හමුදාව දන්වා ඇත.

පහත සඳහන් අංක අමතා තමන් සතු එම තෙරතුරු යුද්ධ හමුදා මුලස්ථානය වෙත ලබා දිය හැකි බව යුද්ධ හමුදාව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

බෝම්බ නිශ්ක්‍රීය අංශය – යුද්ධ හමුදා මුලසථානය

011 2434251
011 4055105
011 4055106
076 6911640

බෝම්බ නිශ්ක්‍රීය අංශය 011 2433335

යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතාගේ අත්සනින් යුතු නිවේදනයකින් මෙය දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *