කොළඹ බන්ධනාගාරවලට නාවික හමුදා ආරක්‍ෂාව

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ බන්ධනාගාරවලට පිවිසුම් මාර්ග සහ ඒ අවට ප්‍රදේශවලට නාවික හමුදා නිලධාරීන් ආරක්‍ෂාවට යොදවා තිබේ.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාර රෝහල, මැගසින් බන්ධනාගාරය සහ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරවලට පිවිසෙන මාර්ගවල මෙම ආරක්ෂාව යොදා තිබේ.

පසුගියදා කොළඹ නගරයේ සිදුවූ පිපිරීම්වලින් පසුව කොළඹ බන්ධනාගාරවලට ආරක්‍ෂාවක් ලබාදෙන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *