මුස්ලිම් ප්‍රජාව දෙස ත්‍රස්තවාදීන් ලෙස නොබලන්න – ජනපති ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – මුස්ලිම් ප්‍රජාව දෙස ත්‍රස්තවාදීන් ලෙස නොබලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමා සියලුම ශ්‍රී ලංකික ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

ජනාධිපතිතුමා අද(26) උදෑසන මේ බව කියා සිටියේ ජනපති මාධ්‍ය ප්‍රධානී සාකච්ජාවට එක්වෙමින්ය.

එසේම නව ආරක්ෂක ලේකම්වරයෙක් අද පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

මුස්ලිම් ජනතාව දෙස ත්‍රස්තවාදීන් ලෙස නොබලන ලෙසත් ඔවුන්ව ආරක්ෂා කළ යුතු ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය. අන්තවාදීන් 130ක් පමණ සිටින බවත් ඔවුන් සියළුදෙනා අත්අඩංගුවට ගෙන අයිඑස් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන්කරන බව ද ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *