(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා පිපිරිම් වලින් තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් වන්දි ලබාදීම හෙට(30) සිට ආරම්භ කරන බව රජය ප්‍රකාශ කළේය. පිපිරිම්වලින් 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා මුදලක් එක් අයෙකු වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බවය.
මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ දහයකි. ඉන් ලක්ෂයක මුදලක් අවමංගල්‍ය කටයුතු සඳහා මේ වනවිට ලබාදී අවසන්ය. ඉතිරි ලක්ෂ නවය බැගින් වූ මුදල ද කඩිනමින් ලබාදෙනු ඇත.
කැබිනට් අනුමැතිය ඇතිව ප්‍රතිපාදන මේ වනවිට වෙන්කර තිබෙන බවත් අවශ්‍යතා මත තවදුරටත් මුදල් වෙන්කිරිමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.