ශ්‍රී ලංකාව සහාය දීමට මාලදිවයින් පොලිස් සේවය සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට යම් උදව්වක් අවශ්‍යනම් එය ලබා දීමට මාලදිවයිනේ පොලිස් සේවය සූදානම් බව එරට පොලිස් කොමසාරිස් මොහොමඩ් හමීඩ් මහතා පවසයි.

හමීඩ් මහතා පසුගිය 28 වනදා මාලදිවයිනේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ශෝක ප්‍රකාශණ ග්‍රන්ථයට අත්සන් තැබීමෙන් අනතුරුව මේ බව සදහන් කර ඇතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා සදහන් කළේය.

පසුගිය සතියේ දී දේවස්ථාන සහ සුඛෝපභෝගී හෝටල් කිහිපයක් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධව ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ විසින් විශේෂ සෝදිසි මෙහෙයුම් මේවන විටත් දියත් කර තිබේ. එම ප්‍රහාරවලින් 250 කට අධික පිරිසක් මිය ගොස් 500ක පමණ පිරිසක් තුවාල ලැබූහ.

මේ සම්බන්ධයෙන් සිදුකළ මෙහෙයුම්වලදී මාලදිවයින් ජාතිකයින් සය දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රහාරයෙන් පසු මාලදිවයිනගේ ආරක්ෂාව ද තර කර ඇති අතර රටට කිසිදු තර්ජනයක් නොමැති බව ද එරට ආරක්ෂක හමුදා ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *