අගරදගුරු මැදුරේ දී පැවති ආගමික වැඩසටහනට ජනපති එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ඉරුදින විශේෂ දේව මෙහෙයන් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ(28) පෙරවරුවේ එක් විය.

කොළඹ අගරදගුරු මැදුරේ දී පැවති දේව මෙහෙයේ දී මිය ගිය සියලු දෙනා සිහිපත් කරමින් ජනාධිපතිතුමා විසින් පහන් දල්වනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *