NTJ – JMI සංවිධාන ශ්‍රී ලංකාවේ තහනම්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei Millathu Ibraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇත.

ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගනු ඇත. මෙරට ක්‍රියාත්මක වන සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *