ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය සාක්ෂි ලබාගනියි

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරන ලද විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය මේ වන විට අදාළ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සහ සාක්ෂි සටහන් කර ගැනීම ආරම්භ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබාදී ඇත්තේ, අදාළ ප්‍රහාරයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම් සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබද කරුණු සොයා බලා ඒ පිළිබදව සති දෙකක් තුළ තොරතුරු වාර්තා කරන ලෙසට ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මෙම පරීක්ෂණ මණ්ඩලයට අයත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *