බෝම්බකරුවන්ගේත්-සමීපතමයන්ගේත් සියලුම වත්කම් තහනම්

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය පාස්කු ඉරිදා කතෝලික ආගමික ස්ථාන හෝටල් ඇතුළු ස්ථාන අටක මරාගෙන මැරෙන බෝම්බ පුපුරවා හරිමින් විශාල ජීවිත හානියක් සිදු කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් නව දෙනකුට අයත් සහ දැනට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන සිටින ඔවුන්ගේ සමීපතයන් රැසකගේ වත්කම් අති විශාල ප්‍රමාණයක් එම පරික්ෂණ අංශ මගින් හදුනාගෙන ඇති අතර එවා සියල්ලම තහනම් කිරීමට නීතිමය පියවර ගෙන තිබේ.

ඊට අමතරව මරාගෙන මැරුණ බෝම්බකරුවන්ගේ සෙසු ඥාතින් හඳුනා ගැනීමට ඩී.එන්.ඒ. පරීක්ෂණ පැවැත්වීමටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ෂණ දෙකක් කරගෙන යයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නිතිඥ රුවන් ගුණසේකර මහතා කියා සිටියේ ත්‍රස්තවාදින්ට ත්‍රස්ත කටයුතු සිදු කිරිමට එ රෙහිව ක්‍රියාත්මක වන ත්‍රස්තවාදි පනත සහ මුදල් විෂුද්ධි කරන පනත යටතේ මෙම සියලු වත් කම් තහනම් කිරිමට පියවර ගෙන ඇති බවයි

පාස්කු ඉරුදින මරාගෙන මැරුණ බෝම්බකරුවන් නව දෙනාගේ සමිපතම ඥාතින් පිරිසක් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවත් ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයත් මගින් අත් අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව කොච්චිකඩේ පල්ලියේ මරාගෙන මැරුණ බෝම්බකරුගේ සොහොයුරා කටුවාපිටිය පල්ලියේ මරාගෙන මැරුණ බෝම්බකරුගේ සොහොයුරකු කිංස්බරි හෝටලටය් මරාගෙන මැරුණ බෝම්බකරුගේ බිරිය , ෂැංග්‍රීරිලා හෝටලයේ සිදුවු මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගෙන් අයකුගේ රියදුරු සහ අනෙක් බෝම්බකරුගේ සහෝදරයන් දෙදෙනකු , මඩකලපුව මරාගෙන මැරෙන බෝම්බය පිපරවු බෝම්බකරුගේ සමිපතයකු , ෂැංග්‍රීලා හෝටලයේ මරාගෙන මැරුණ බෝම්බකරුවකුගේ තඹ කර්මාන්තය හිමි සොහොයුරකු සහ බිරිද දෙහිවල මරාගෙන මැරුණ බෝම්බය පිපිරවු අබ්දුල් ලතිෆ් ගේ බිරිද සහ සහෝදරයන් දෙදෙනකු ඇතුළු මෙම බෝම්බකරුන්ගේ ඥාතින් ඇතුළු සමිපතයන් රැසක් මෙම මරාගෙන මැරුණ බෝම්බ පුපුරුවා මෙම මහා ජන විනාශය සිදු කිරිමට සහාය දි ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්ත නිලධාරින්ගේ විමර්ෂණවලින් අනාවරණය වි ඇත.

ඒ අතර මරාගෙන මැරුණ බෝම්බකරුවන්ට මෙන්ම මෙම ඥාතින්ටද අති විශාල වත් කම් රැසක් මෙසේ හදුනාගෙන ඇති අතර ඒවා තහනම් කිරිමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *