(කොළඹ, ලංකාපුවත්) – මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 සිට 3.5 ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
මෙම තත්ත්වය මැයි මස 02 දින සිට මැයි මස 04 දින දක්වා පැවතිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනු ලැබේ.
කෙසේ නමුත් මෙය ගොඩබිමට පැමිණිය හැකි රළ තරම් උස නොවන බවද දැනුම් දෙයි. එම ප්‍රදේශවල මුහුද රළුවිය හැකි බව එම නිවේදනයේ තවදුරටත් දන්වා ඇත.
මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වන කලාපයේ වෙරළාසන්නයේ ජීවත් වන ජනතාව, ධිවර සහ නාවුක කටයුතුවල නිරතවන ජනතාව මේ පිලිබදව අවධානයෙන් සිටින ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ සදහන් වේ.
ඕනෑම හදිසි තත්වයකදී 117 යන හදිසි ඇමතුම් අංකය අමතන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.