චීන ජනපති ශ්‍රී ලංකාව වෙත ශෝකය පළ කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සිදු වූ පිපිරීම් මාලාව සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ශෝක පණිවුඩයක් යොමු කර ඇත.

කොළඹ ඇතුළු ස්ථාන වල සිදු වූ පිපිරීම් වලින් ප්‍රබල ජීවිත අහිමි වීම් මෙන්ම තුවාල සිදු වීම් දැඩි ශෝකයෙන් දැනගත් බව ෂී ජින් පිං මහතා තම පණිවුඩයෙන් ප්‍රකාශ කළේය. චීන රජය හා චීන ජනතාව වෙනුවෙනුත් පෞද්ගලික වශයෙනුත් දැඩි කණගාටු පළ කරමින් තුවාල ලැබුවන් සහ ජීවිතක්ෂයට පත් වූවන්ගේ ඥාතීන් වෙත තම හෘදයාංගම ශෝකය පළ කරන බව හෙතෙම ප්‍රකාශ කර තිබේ.

මීට අමතරව, චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශෝක පණිවුඩයක් යොමු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − three =