ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවට පොලිස් කණ්ඩායමක් එංගලන්තයට

(කොළඹ, ලංකාපුවත්) – ලබන අඟහරුවාදා (07) එංගලන්තය බලා යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සමග ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් තිදෙනකු පිටත්ව යති.

ලෝක කුසලාන තරගාවලියට පෙර එංගලන්තයේදී සති තුනක පමණ පුහුණු සැසියක් පැවැත්වෙන හෙයින් එහි ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මගින් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

රට තුල උද්ගතව ඇති තත්ත්වය සලකා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙම පියවර ගත් බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවැසූවේ ක්‍රිකට් ක්‍රීඩාවේ හා ක්‍රීඩා සංගම් සම්බන්ධ ගැටළු මෙන්ම ක්‍රීඩාවේ අනාගත සැලසුම් සාකච්ඡා කෙරෙන විශේෂ මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුව ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ(02) පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *