ඇන්ජලා මර්කල් ඉස්ලාමීය අන්තවාදයට එරෙහි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් අදහස් පල කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ බුර්කිනා ෆාසෝහි පැවති සමුළුවකට එක්වෙමින් ඇය එම අදහස් පළකර ඇති බවයි.

G5 සහෙල් යනු මාලි, නයිජර්, බර්කිනා පාසෝ, චෑඩ් සහ මුරුතානියා යන රටවල්වල සොල්දාදුවන්ගෙන් සැදුම්ලත් කලාපීය බලකායකි. එම රටවල්වල නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන වාර්ෂික සමුළුවකට ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සහභාගී විය.

එහිදී ඇය ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සිය හඬ අවදි කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කර සිටි.

එසේම ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව සටහන් කිරීම වෙනුවෙන් බර්කිනා ෆාසෝ රාජ්‍යයට යුරෝ මිලියන 46ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට ද ජර්මන් චාන්සලර්වරිය පොරොන්දු වී තිබේ.

බර්කිනා ෆාසෝ රාජ්‍යය පිහිටා තිබෙන සහෙල් කලාපය තුළ 2012 සිට ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාකාරීව සිටියි. එම ජිහාඩ්වාදීන්ට එරෙහිව ක්‍රියාකිරීම සඳහා අප්‍රිකානු රාජ්‍ය විසින් G5 සහෙල් බහුජාතික හමුදා බලකාය පිහිටුවනු ලැබ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *