එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ තුරුණු දිරියේ ව්‍යවසායක ණය 715 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – කුඩා පරිමාණ තරුණ ව්‍යවසායකයින් නගා සිටුවමින් ඒ හරහා ජාතික ආර්ථිකය ශක්තිමත් කරවීම අරමුණ කරගත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මකවන ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍ර‍මයේ ණය නිකුත් කිරීම්වල ප්‍ර‍ගතිය අප්‍රේල් මස අවසන් වන විට 715ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට ලබා දී ඇති සමස්ත ව්‍යවසායක ණයසංඛ්‍යාවෙහිවටිනාකම මිලියන 294ඉක්මවයි. අප්‍රේල් මස 30වැනි දින ණය යෝජනා ක්‍රමය පිළිබදව ලංකා බැංකුව මගින් ඉදිරිපත් කළනවතම ප්‍රගති සමාලෝචන වාර්තා ඇසුරින් මෙම තොරතුරු අනාවරණය විය.

පළාත් මට්ටමෙන්වැඩිම ව්‍යවසායක ණය ප්‍ර‍මාණයක් නිකුත් කර ඇති සබරගමුව සහ බස්නාහිර පළාත් පිළිවෙළින් ව්‍යවසායක ණය141ක් සහ 103ක් බැගින් නිකුත් කර ඇති අතර උතුරු සහ දකුණු පළාත් තෙවන හා සිව්වන ස්ථානයන්හි රැදී සිටියි. දිස්ත්‍රික්ක අතරින් වැඩිම ණය සංඛ්‍යාවක් රත්නපුර දිස්ත්‍රික්කය මගින් නිකුත් කර ඇති අතර එම ප්‍ර‍මාණය ව්‍යවසායක ණය 112 කි. දැනට ලැබී ඇති දත්ත අනුව මෙම ණය ලාභීන්ගෙන් 61 %ක් කාන්තා ව්‍යවසායිකාවන් වන අතර රූපලාවන්‍ය ක්ෂේත්‍ර‍ය වැඩිම ණය ලාභීන් පිරිසක් නියෝජනය කරන වෘත්තීය ක්ෂේත්‍ර‍ය ලෙස ද හදුනාගෙන තිබේ.

උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත,වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැලි සිටින සහ වසර 40කට නොවැඩි තරුණ ව්‍යවසායකයින් උදෙසා සුරැකුම්/ ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතවඅඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි. දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛා වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැක.

ලංකා බැංකුවඅග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ප්‍ර‍තිපත්ති, ආර්ථික කටයුතු, නැවැත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයේමධ්‍යම වැඩසටහන්කළමනාකරණ ඒකකය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඇතුළුව දිවයිනේ සියළුම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන් හි මැදිහත් වීම මත මෙම ණය යෝජනා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *