(කොළඹ, ලංකාපුවත්) – නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමග දිවයිනේ ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කරනු ලබයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේ, මේ පිළිබඳව ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බවය.
ඒ අනුව මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සඳහා මහජනතාව පෙළඹවීමේ අරමුණ සහිතව ජාතික ඩෙංගු මර්දන සතියක් ක්‍රියාවට නැංවීමට තීරණය කර ඇත. එය මැයි මස 08වනදා සිටි මැයි 14වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව මදුරුවන් බෝවන ස්ථාන සොයා මීට සමගාමීව විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්මක කිරීම සිදු කරනු ඇත.