ශ්‍රී ලංකාවේ පිපිරුම්වලින් ජැකලින් සංවේදී වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා උදෑසන 250කය අධික පිරිසකට මරු කැදවමින් සිදු වූ ත්‍රස්තප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් බිහි වූ බොලිවුඩ් නිළි, ජැකලින් ෆර්නැන්ඩස් ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ වීඩියෝපටයක් දමමින් අදහස් දැක්වීමක් සිදුකර ඇත.

එම භයානක පිපිරුම් පිළිබඳ සියල්ල ග්‍රහණය කර ගැනීමට ඇයට යම් කාලයක් අවශ්‍ය බව ජැකලින් එහි සදහන් කරයි.

මෙතරම් අහිංසක ජීවිත – කුඩා දරුවන්ගේ ජීවිත බිලිගැනීමට මෙවැනි ප්‍රහාරයක් දියත් වූයේ මන්දැයි තේරුම් ගැනීමට අපහසු කරුණක් බව ඇය පවසයි.

ජැක්ලීන් සිය හිතවතුන්ගෙන් හා අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටියේ විපතට පත් වූවන් සමඟ මේ මොහොතේ එක්ව සිටින ලෙසයි. මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයන් අවාසනාවකට මෙන් ඉතාම අහඹු සිදුවීමක් බවද පෙන්වා දෙයි.

මෙම ඛේදවාචකයෙන් විපතට පත් සියලු දෙනාට ජීවිත නැවත ගොඩනඟා ගැනීමට උදව් කරන්නැයි ජැකලින් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින අතර ජාතිකත්වය, කුලය, වාර්ගිකත්වය හා ආගම පසෙකලා සියලු දෙන එක්වෙමු යැයි සදහන් කරනු ලැබේ.

මනුෂ්‍යත්වය සමග පවතින විශ්වාසය අත්හැරිය නොහැකි බවත් අප සිතන දෙය සහ සිතක ආකාරය කෙසේ වුවත් බිය හා කෝපයට ඉඩ නොතැබිය යුතු බව ඇය පවසයි. එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ශක්තිමත්ව හා ධනාත්මකව එක්සත් වෙමු යැයි ද ජැකලින් ෆර්නැන්ඩස් කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *