රුසියාවේ ගුවන්යානා ගින්නෙන් 41ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ ගුවන් යානයක් හදිසි ගොඩබැස්සවීමකදී සිදු වූ ගිනි ගැනීමකින් පුද්ගලයන් 41දෙනෙක් මිය ගොස් ඇත. යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස හදිසි ගොඩබැස්වීමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මිය ගිය අය අතර දරුවන් දෙදෙනෙක් සහ ගුවන් සේවිකාවක් ද වේ.

අනතුර සිදුව ඇත්තේ රුසියාවේ මොස්කව් අගනුවර, ෂෙරමේට්යේවෝ ගුවන් තොටුපලේ දී ය. රුසියානු, ජාතික ගුවන් සේවයට අයත් සුංකෝයි සුපර් ජෙට් 100 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සදහන් වේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය 78දෙනෙක් රැදී සිට තිබේ. ‍‍

යානය හදිසියේ ගොඩබැස්සවූ අවස්ථාවේ දී ධාවන පථයේ දී ඒන්ජිම ගිනිගෙන ඇති අතර ඉන් අනතුරුව යානයේ බඳ කොටසට ගින්න පැතිර ගිය බව බලධාරීන් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *