ජාතික තවුහිද් ජමාත් සාමාජිකයක් මුදා ගැනීමට පොලිසියට අල්ලස් දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – තව්හිද් ජමාත් සංවිධානයේ සැකකරුවෙකුට ඇප ලබා ගැනීම සදහා හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබා දීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අබ්දුල් මලික් මොහොමඩ් නියාස් නමැති සැකකරු අත්අඩංගුවට පත් වූයේ පසුගිය 28 වනදාය. ඔහු ලබන 14 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි. 14 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමේදී මෙම සැකකරුට ඇප ලබා ගැනීම සදහා පොලීසියේ සහාය ලබාදෙන ලෙස ඉල්ලා හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ 5 ක අල්ලසක් ලබා දීමට පුද්ගලයෙකු උත්සාහ කර තිබේ.

ඒ අනුව පොලීසිය අල්ලස් කොමිසමට ඒ බව දැනුම් දීමට කටයුතු කර ඇත.

අදාළ ලක්ෂ පහෙන්, අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් අද(08) දිනයේ දී ස්ථානාධිපතිවරයාට ලබාදෙන අවස්ථාවේ අල්ලස් කොමිසමේ විමර්ශන ඒකකයේ නිලධාරින් මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුනි.

මෙම සැකකරු වයස 26ක් වන හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සිශාන් නැමැත්තෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *