මියැන්මාර සිරබත් කෑ රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස්

(කොළඹ, ලංකාපුවත්) –රොහින්ග්‍යා අර්බුදය වාර්තා කිරීම සම්බන්ධයෙන් මියැන්මාරයේ සිර ගත කෙරුණ රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් කර තිබේ.

වාර්තා වන අන්දමට වා ලොන් (33) සහ ක්යාව් සො ඔ (29) ජනාධිපති සමාව යටතේ මෙසේ නිදහස් කර ඇති අතර ඒ වන විට ඔවුහු දින 500කට වැඩි සංඛ්‍යාවක් බන්ධනාගාරගතව සිටියහ.

පසුගිය සැප්තැම්බර්යේ දී ඔවුන්ට සවසර හතක සිර දඬුවම් නියම කෙරුණේ රාජ්‍ය රහස් පනත යටතේය.

නිදහස ලැබූ වා‍ ලොන් විදෙස් වාර්තාකරුවන් හමුවේ ප්‍රකාශ කළේ මාධ්‍යවේදී කටයුතු කිසි දිනෙක නොනවත්වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *