රටේ පවතින තත්ත්වය සමඟ උදව් කරන්න ළමාරක්ෂක අධිකාරිය සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –රටේ පවතින තත්ත්වයත් සමඟ උදව් අවශ්‍ය දූ දරුවන්වන්නේ නම් ජාතික ළමාරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකතන සේවාව අමතන ලෙස එහි සභාපති නීතිඥ එම්.එම් අබේරත්න මහතා කියයි.

දෙවන පාසල් වාරය ආරම්භ වී ඇති මේ අවස්ථාවේදී අවට පරිසරය පිළිබඳව විමසිලිමත්ව සිට තමන්ගේ ආරක්ෂාවට යම් තර්ජන එල්ලවිය හැකි කරුණු සම්බන්ධයෙන්ද දැනුවත් කිරීම් ළමා ආරක්ෂක අධිකාරියෙන් සිදු කරන බවද සභාපතිවරයා පවසයි.

මෙහි දි වැඩිදුරටත් දිනමිණටඅදහස් දැක් වු සභාපතිවරයා පෙන්වා දුන්නේ තමන් දරුවනට පවසන්නේ සැමදේ ම විස්වාසය කළ යුත්තේ අවිස්වාසය තුළින් බවයි. අවට පරිසරය පිළිබඳව විමසිලිමත් ව අධ්‍යාපන කටයුතු සිදු කරන ලෙසත් උපදෙස් ලබා දෙන සභාපතිවරයා අවධාරණය කරන්නේ පාසල් නොයා දිර්ග කාලයක් සිටීමට නොහැකි අතර දරුවන්ට අධ්‍යාපනය අවශ්‍ය බවයි.

‘අධ්‍යාපනය වගේම ආරක්ෂාවත් අවශ්‍යයි.අපි දරුවන්ට උදව් කිරීමට සූදානම්.මා දරුවන්ට පවසන්නේ දැන් වෙනදා- නොසිතපු ආකාරයට සිතන්න,නොදැක්ක ආකාරයට දකින්න,නොකළ ආකාරයට කටයුතු කරන්න,වෙනදා නොකියූ දේ කියන්න ඉදිරිපත් වෙන්න.මේ දේවල් සියල්ල තමන් අවට ආරක්ෂාව ප්‍රබල කරනු පිණිස සිදු කරන්න.

රටේ ආරක්ෂාව ත්‍රීව්‍ර කරන මුලික වගකීම ජනතාව සතුවනවා. වැඩිහිටියන් මේ ගැන දරුවන්ට කියා දෙන්න.
පසුගිය පාස්කු ඉරිදා දින සිදුවූ ප්‍රහාරයෙන් වින්දිත දරුවන් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වි‍ශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.ඒ ඒ ප්‍රදේශවල ගෙයින් ගෙට ගොස් මේ දරුවන් පිළිබදව තොරතුරු රැස්කරනවා.ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ සැලසුම් සකස් කිරීමට දිසාපතිවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ සහය ලබා ගන්නවා.’යැයිද සභාපතිවරයා අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *