සිංගප්පුරු පාර්ලිමේන්තුව අසත්‍ය පුවත් ගැන නව නීතියක් ගෙන එයි

(කොළඹ, ලංකාපුවත්) – සිංගප්පුරු පාර්ලිමේන්තුව නව නීතියක් සම්මත කර ගෙන තිබේ. ඒ අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාරයවීම වැලැක්වීමට එරෙහිව ය.

විවිධ අවස්ථාවලදී අන්තර් ජාලය ඇතුලු මාධ්‍ය මගින් අසත්‍ය පුවත් පළවීමේ සිදුවීම් වාර්තා වී තිබුණි. එමගින් මතුවිය හැකි ගැටලු සමථයකට පත්කිරිම සදහා නව තීරණයට එළඹි බව සිංගප්පුරු බලධාරීන් පවසයි.

වැරදිකරුවන්ට වසර 10 ක සිර දඩුවම් පැමිණවීමේ හැකියාව ඉන් ලැබී තිබේ. එසේ නොමැති නම් අමෙරිකා ඩොලර් මිලියනයක දඩයක් නියම වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *