රාජකීය බිළිඳා මහජන ප්‍රදර්ශනයට

(කොළඹ, ලංකාපුවත්) – හැරී සහ මේඝන් යුවල සිය කුළුඳුල් දරුවා ඊයේ (08) මහජනයාට ප්‍රදර්ශනය කළහ.

සුදුපැහැ සළුවක් පොරවා තිබූ බිළිඳා පෙන්වමින් මේඝන් මෙසේ පැවසුවාය. ‘‘ඔහුට ප්‍රිය උපදවන චිත්තස්වභාවයක් හිමිවී තිබෙනවා. ඔහු සත්‍යවශයෙන්ම තැන්පත්, ඔහු අපේ සිහිනයයි.”

එවිට දෙදෙනාම සිනාසුන අතර පුතුට ඒවා ලැබුණේ කාගෙන්දැයි නොදන්නා බවත් හැරී කුමරු පවසා ඇත.

තමාට ලෝකයේ හොඳම පුද්ගලයින් දෙදෙනා මුණගැසී ඇති බැවින් ඉතාම සතුටින් ජීවිතය ගෙවී යන බව මේඝන් කුමරිය පැවසීය. මවක වීම ඉතා විස්මිත දෙයක් යැයි ඇය තවදුරටත් පැවසීය.

පසුගිය සඳුදා උපත ලැබූ බිළිඳා බ්‍රිතාන්‍ය කිරුළ හිමි හත්වැන්නා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *