ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ සහාය

(කොළඹ, ලංකාපුවත්) – ත‍්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ශ්‍රී‍්‍ර ලංකාවට ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බව යුරෝපා සංගමය ප‍්‍රකාශ කරයි.

ශ්‍රී‍්‍ර ලංකාව මේ වනවිට ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සිටින බව යුරෝපා සංගමයේ ශ්‍රී‍්‍ර ලංකා සහ මාලදිවයින් තානාපති ටුන්ලායි මර්ග් මහතා පෙන්වාදෙයි.

යුරෝපා සංගමය සැමවිටම ශ්‍රී ලංකාවේ සමීපතම හිතවතෙකු සහ හවුල්කරුවෙකු ලෙස ක්‍රියා කරයි.

ත‍්‍රස්තවාදී තර්ජනයට විසඳුම් සෙවීමේදී ශ්‍රී‍්‍ර ලංකාවට ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය. පසුගිය වසර 10 ක කාලය තුළ යුරෝපා සංගමය ශ්‍රී‍්‍ර ලංකාවේ සංවර්ධනය සහ මානුෂීය ආධාර වෙනුවෙන් යුරෝ මිලියන 760 කට අධික මුදලක් ලබාදී තිබේ.

ජී එස් පී ප්ලස් සහනය ලබාදීම තුළින් අපනයන ආදායම වැඩි කර ගැනීමට ද ශ්‍රී‍්‍ර ලංකාවට හැකිවූ බවයි යුරෝපා සංගම් තානාපතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *