පොලිස් ඇඳීරි නීතිය ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –හලාවත නගර සීමාවට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද(13) අලුයම 04.00ටත් කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය පොලිස් වසම්වලට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය උදෑසන 06.00ටත් ඉවත් කළ බව පොලිස් මූලස්ථානය පැවසීය.

එම කාලසීමව තුළ සිදුවීම් කිසිවක් වාර්තා නොවූ බවත් අදාළ පොලිස් බල ප්‍රදේශයන්ගේ තත්ත්වය යථා තත්ත්වයට පත්ව ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඊයේ(12) දහවල් 12.30ට පමණ හලාවත නගර‍යේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.

ජාතීන් අතර අසමගිය ඇතිකරන ආකාරයේ ප්‍රකාශයක් යම් පුද්ගලයෙකු විසින් සමාජ ජාලා මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් විරෝධය පල කිරීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හට ගෙන තිබේ.

පසුව මෙයට අදාළව එක් සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, අද අළුයම 12.15 ට පමණ කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශයන්ට ද පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *