වලදමා තිබූ ගිනි අවි සහ පතරොම් තොගයක් ගොඩගනියි

(කොළඹ, ලංකාපුවත්) –වැල්ලවාය, කුඩාඔය ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබී පිස්තෝල හා පතරොම් තොගයක් සොයා ගෙන තිබේ.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා කියා සිටියේ, රිපීටර් ගිනි අවි 02ක්, ෂොට්ගන් 02ක්, මෙරට නිෂ්පාදිත පිස්තෝලයක්, T56 උණ්ඩ 342ක් , එම්.අයි 16 වර්ගයේ උණ්ඩ 75ක් හා පතරොම් 593 ක් මෙසේ ගොඩ ගෙන ඇති බවයි.

අද(13) උදෑසන මෙම මෙහෙයුම සිදු කර ඇත.

කුඩාඔය කමාන්ඩෝ පුහුණු කඳවුරට ගමන් ගන්නා මාර්ගය ආසන්නයේ මෙම ඉඩම පිහිටා ඇති අතර අදාළ සෝදිසි මෙහෙයුම පොලීසියට ලද තොරතුරක් මත සිදු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *