අමෙරිකාව මරියානා ආගාධය ජය ගනී

(කොළඹ, ලංකාපුවත්) – මරියානා ආගාධයේ ගැඹුරටම කිමිදීමේ වාර්තාව තැබීමට ඊයේ (13) අමෙරිකා ගවේෂකයක් වන වික්ටර් වෙස්කෝවෝ සමත් විය.

ඒ කිලෝමීටර් 11 ක දුරක් ගැඹුරට කිමිදීමෙනි. විශේෂ සබ්මැරීන යාත්‍රාවකින් මරියානා අගාධයේ පත්ලට කිමිදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම ගවේෂනයේ දී ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට අමතරව නව මුහුදු ජීවී විශේෂ කිහිපයක් ද සොයා ගෙන තිබේ.

මරියානා ආගාධයට මීට පෙර මිනිසුන් ගමන් කර ඇත්තේ අවස්ථා 2 කදී පමණි. ඒ 1960 දී සහ 2012 යන වසර වලදීය.
1960 දී ප්‍රථම වරට මරියානා ආගාධයට දෙදෙනෙක් ගමන් කළ අතර, වසර 2012 දී චිත්‍රපට අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් ඊට ලඟා වී තිබේ.

නමුත් ඔවුන් දෙදෙනාට වඩා ගැඹුරකට ගමන් කිරීමට මෙවර අමෙරිකාව සිදුකළ ගවේෂණයේදී වික්ටර් වෙස්කෝවෝ සමත් විය. මෙහෙයුමට ගතවූ කාලය පැය 12 කි. ඉන් පැය 4 ක කාලයක් ඔහු ආගාධ පතුලේ ගවේෂණ කටයුතු සඳහා යොමු කර තිබේ.

1960 වසරේ පළමු වරට මරියානා ආගාධයේ ගවේෂණයේ යෙදුනු දෙදෙනාගෙන් එක් අයෙකු වන දොන් වොල්ෂ් ද මෙම මෙහෙයුම් කණ්ඩායම නියෝජනය කිරීම ද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *