මැලේරියාව යළි පැතිරයාමේ අවධානමක්

(කොළඹ, ලංකාපුවත්) –මැලේරියා රෝගය නැවත ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවත් විදේශයන්ගෙන් මෙරටට පැමිණි මැලේරියා රෝගීන් මඟින් රෝගය පැතිර යන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අප්‍රේල් මස 25 වන දිනට යෙදී තිබූ ”මැලේරියාව යළි අපට එපා ”යන්න තේමාව මුල් කරගෙන ලෝක මැලේරියා දින සැමරීම නිමිත්තෙන් ඊයේ (13)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩමුළුවට සහභාගී වෙමිනි.

මැලේරියා රෝගය පවතින රටවල් රැසකින් ලංකාව වට වී පවතින බවත්, ලාංකීකයන් රැසක් මෙම රටවල්වලට නිරන්තරයෙන් සංක්‍රමණය වන බවත් පැවසූ විශේෂඥ වෛද්‍යවරයා, නැවත මෙම රෝගය පැතිර යෑමේ අවධානම ඉතා ඉහළ මට්ටමක ඇති බවද සඳහන් කළේය.

මෙම රෝගය නිසි විදියට පාලනය කළේ නැතිනම් එය නැවත ඇති විය හැකි ය.

මැලේරියාව ඇති රටවල සංචාරය යෙදෙනවා නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ගෙන යන ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියි.

වෛද්‍යවරයා පැවසුවේ මැලේරියාව නැවත පැතීරීයාමට ඇති අවධානම සහ ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන අපි සළකා බලන අතර ඉන්දියාව , දඹදිව වන්දනාවේ යන අය මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *