වයඹට ඇඳිරි නීතිය සවස හයේ සිට

(කොළඹ, ලංකාපුවත්) – වයඹ පළාතට බලපාන ලෙස පනවා ඇති පෙලිස් ඇඳිරි නීතිය අද(14) පස්වරු 04.00ට ඉවත් කිරීමට තීරණය කර ඇත.

එසේම නැවතත් වයඹ පළාතට බලපැවැත්වෙන ලෙසට අද පස්වරු 06.00 සිට හෙට(15) උදෑසන 06.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක ඇති වූ නොසන්සුන් තත්ත්වයන් පැතිර යාම වැළැක්විම සඳහා කුලියාපිටිය බිංගිරිය,දුම්මලසූරිය,හෙට්ටිපොළ,කොබෙයිගනේ හා රස්නායකපුර යන පොලිස් බල ප්‍රදේශවලට ඊයේ පොලිස් ඇඳිරි නීතිය පැනවූ අතර පසුව එය සමස්ත වයඹ පළාතටම ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *