‘අබු බකර් අල් බග්දාදි‘ ඉරාක – සිරියා දේශසීමාවේ

(කොළඹ, ලංකාපුවත්) –අබු බකර් අල් බග්දාදි ඉරාක – සිරියා දේශසීමාවේ ස්ථානයක රැඳී සිටීම බොහෝදුරට නියත කරුණක් විය හැකි බව ලන්ඩන් නගරය මූලස්ථානය කරගත් රාජකීය එක්සත් සේවා අධ්‍යයන බුද්ධිමතුන්ගේ ආයතනයේ(Rusi) මැද පෙරදිග විශේෂඥ මයිකල් ස්ටීවන් අනුමාන කරයි.

දේශ සීමාව ඔස්සේ ජාවාරම් ජාලයක් ස්ථාපිත කර ගැනීමේ වාසිය පාවිච්චි කරමින් උපයන මුදල් ගෙවමින් ප්‍රදේශයේ ගෝත්‍රික ජනයා අතර තම කටයුතු වලට මග පාද ගැනීමට අල් බග්ඩාඩි සමත් විය හැකි බවත් මයිකල් ස්ටීවන් පෙන්වා දෙයි.

අල් බග්දාදි වටා සිටින්නේ කුඩා කණ්ඩායමක් බවත් ඉරාකයේ හිටපු නායක සදාම් හුසෙන් ඩොලර් දස ලක්ෂ ගණනකට පාවා දුන් අයුරින් මේ පිරිස විසින් ඔහු පාවා දෙනු ඇතැයි සිතිය නොහැකි බව ඔහු පවසයි.

ජංගම දුරකථන හෝ අන්තර්ජාලය පාවිච්චි නොකරන ඔහුට සීමා වූ රහස්‍ය ස්ථානයක අතිශය රහස්‍ය ජීවිතයක් ගත කරන අතර ඔහු ජංගම දුරකථනය මගින් කිසිවකු ආමන්ත්‍රණය නොකරයි. එසේම ඔහු නිරන්තරයෙන් තමා සිටින ස්ථානය මාරු කරනවා විය හැකි බවත් එවැනි පසුබිමක් තුළ වොෂින්ටනයට හෝ බටහිර බලවතුන්ට ඔහු අල්ලා ගැනීම පිළිබඳ බලාපොරොත්තුව අවම බවත් මයිකල් ස්ටීවන් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *