ත‍්‍රස්තවාදින් රැඳී සිටි ආරක්ෂිත නිවාස 17ක් සහ පුහුණු කඳවුරු 07ක් සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් සංඛ්‍යාව 85 කි. කාන්තාවන් 10 දෙනෙකු ද ඊට ඇතුලත්ය.

ඉන් 64 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන විමර්ශන සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. තවත් සැකකරුවන් 20 දෙනෙකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන විමර්ශන සිදුකෙරේ.

ත‍්‍රස්තවාදින් රැඳී සිටි ආරක්ෂිත නිවාස 17 ක් සහ පුහුණු කඳවුරු 07 ක් ද සොයාගෙන ඇති බව රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *