ඉයොන් මෝගන්ට තරඟ තහනමක්

(කොළඹ, ලංකාපුවත්) –එංගලන්තය සහ පාකිස්තානය බ්‍රිස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට පන්දුවාර 50 යැවීමට නොහැකිවීම හේතුවෙන් එංගලන්ත නායක ඉයොන් මෝගන්ට තරගයක තහනමක් සහ තරග ගාස්තුවෙන් 40%ක දඩමුදලක් අයකර ගැනීමට තිරණය කර තිබේ.

මෙම දඬුවම පිරිනමා ඇත්තේ තරග තීරක රිචී රිචඞ්සන් විසින්. ඒ අනුව පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය ඉයොන් මෝගන්ට අහිමි වනු ඇත.

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය මේ වනවිට සමත්ව ඇත.

පාකිස්තානය නියමිත ඕවර 50 තුලදී ලකුණු 358 ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස එංගලන්තය පන්දු 31 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 කින් තරගය ජයගැනීමට සමත්විය. අමතර කාලයක්ද ප්‍රදානය කිරීම අනතුරුවද ඕවර 2 ක් අඩුවෙන් යවා තිබීම හේතුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ දණ්ඩ නිතී සංග්‍රහයේ 2.22.1 වගන්තියට අනුව මෙම දඩුවම සහ දඩ මුදල් අයකර ගැනීමට තරග තීරක රිචී රිචඩ්සන් තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *