එරිත්‍රියාවේ සමාජ මාධ්‍ය අවහිර කරයි

(කොළඹ, ලංකාපුවත්) – එරිත්‍රියාවේ සමාජ මාධ්‍ය අවහිර කිරිමට ඊයේ(15) පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ වන විට ජංගම දුරකථන ඔස්සේ ද අන්තර්ජාලයට පිවිසීමට නොහැකි වී තිබේ.

එරිත්‍රියානු රජය විසින් අදාළ අවහිර කිරිම සිදු කර ඇති බවට සදහන් වේ. කෙසේනමුත් අදාළ අවහිර කිරීම සම්බන්ධයෙන් මෙතෙක් එරිත්‍රියානු රජය විසින් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.

එළඹෙන 24 වන දිනට යෙදී ඇති එරිත්‍රියානු 26වැනි නිදහස් දින සැමරුමට විරෝධතා පලවිම මෙලෙස සමාජ මාධ්‍ය අවහිර කිරිමට හේතු වන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *