(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ අමාත්‍යංශ ඇතුළු රාජ්‍ය ආයතන දස දහස් ගණනකට හිමිකම් ඔප්පු නොමැති බව සිදු කළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇතැයි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
විශේෂයෙන්ම පොලිස් ස්ථාන, පූජනීය සිද්ධස්ථානවලට හිමිකම් ඔප්පු නොමැති බව අනාවරණය වී ඇත.
අමාත්‍යවරයා මේ කරුණු හෙළි දරව් කරන ලද්දේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ නිල පුවත්පත ‘ඉඩම්‘ පුවත් අතිරේකය එළි දැක්වීමේ අවස්ථාවට සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ පැවැති උත්සවයට අද(16) එක්වෙමිනි. දිනමිණ පුවත්පත හා එක්ව මෙම පුවත්පත් අතිරේකය පළ කෙරේ.
ඒ අනුව හිමිකම් ඔප්පු නොමැති අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන වෙත කඩිනමින් හිමිකම් ඔප්පු ලබා දීමේ කඩිනම් වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇතැයි ඇමති ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අදාළ හිමිකම් ඔප්පුව ද පසුගියදා කථානායකවරයා වෙත බාර දුන් බව අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව ආගමික සිද්ධස්ථාන සදහා සින්නක්කර ඔප්පු ලබාදීමේ කටයුතු ද රජය විසින් දියත් කර තිබේ.