ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට සහයෝගය දෙන්න – ලෝක සංචාරක සංවිධානයේ මහ ලේකම් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සඳහා සහයෝගය ලබාදෙන්නැයි ලෝක සංචාරක සංවිධානයේ(UNWTO) මහ ලේකම් සුරාබ් පොලොලිකෂ්විලි මහතා (Zurab Pololikashvili) ගෝලීය ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

සංචාරක හෝටල්, වෙරළ තීරයන් හා අනෙකුත් ස්ථානවල ආරක්ෂාව ඇතුළු අවශ්‍යතාවන් සාමාන්‍ය පරිදි මෙන් විවෘතව තැබෙන බවත් ඔහු ගෝලීය ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබේ.

ශ්‍රී ලංකාව ලෝකයේ විශිෂ්ටතම සංචාරක සාර්ථකත්වයන්ගෙන් එකක් ලෙස දැකීමට හැකිවුණු අතර, රට පුරා සංචාරකයන්ට ජාතිකත්වය හෝ ආගම නොතකා උණුසුම් පිළිගැනීමක් ලබාදීම දකින්නට ලැබුණු බව මහ ලේකම්වරයා පවසයි.

සංචාරක කර්මාන්තය තුළින් බොහෝ සුරක්ෂිත රැකියාවන් ශ්‍රී ලාංකිකයින්ට ලැබුණු බවත් එමගින් ප්‍රජාව සංවර්ධනය ලඟාකරගනිමින් සිටි ඔහු වැඩිදුරටත් පැවසීය. ‍ සංචාරක කර්මාන්තයේ මේ සාර්ථකත්වය ලඟා කරගැනීමට පසුගිය දශකය තුළ ජාතික සංහිඳියාව ප්‍රධාන සාධකයක් වී ඇති අතර ශ්‍රී ලාංකික ජනතාව එකට එකතුවී ඒ සඳහා දායක වී තිබූ අයුරු ලෝක සංචාරක සංවිධානයේ මහ ලේකම්වරයා පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය, බලාපොරොත්තුව හා එකමුතුකමෙන් වර්ධනය විය. පාස්කු ඉරිදා ප්‍රහාරය ශ්‍රී ලාංකික ප්‍රජාව භේද කරවීමටත් සාර්ථකත්වය බිඳ දැමීමටත් එල්ල කළ ප්‍රහාරයක් ලෙස පොලොලිකෂ්විලි මහතා සදහන් කර ඇත.

මෙම තීරණාත්මක මොහොතේදී ශ්‍රී ලංකාවට නොසැලෙන සහයෝගයක් ලබාදීමට ගෝලීය ප්‍රජාවගෙන් මහ ලේකම්වරයා ඉල්ලා සිටි. ශ්‍රී ලංකාව තුළ හෝටල්, වෙරළ තීර සහ සංචාරක ස්ථාන සුඛෝපභෝගී ලෙස විවෘතව පවති. සංචාරක කර්මාන්තය තුළින් අපගේ සහාය ලබා දීමෙන්, ශ්‍රී ලංකාවට සාමය හා සමෘද්ධිය උදෙසා සිය මාවත යථා තත්වයට ගෙන ඒම සඳහා හැකිවනු ඇති බව ඔහු ලෝක ප්‍රජාව වෙත සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *