රාජ්‍ය වෙසක් උත්සවය අද

(කොළඹ, ලංකාපුවත්) –බුද්ධ වර්ෂ 2563 රාජ්‍ය වෙසක් උත්සවය එළඹෙන වෙසක් පොහෝ දින සහ ඊට පසුදින ගාල්ල හික්කඩුව තොටගමුව රත්පත් රජමහා විහාරස්ථානයේදී පැවත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.

වෙසක් උත්සවයට සමගාමීව ඓතිහාසික තොටගමුව රන්පත් රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු රැසක් මේ වන විට අවසන් කර ඇත.

එසේම රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන ලබන 17 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පුරාවිද්‍යා වටිනාකමක් සහිත රන්පත් රජමහා විහාරය පූජා භූමියක් බවට පත්කිරීමේ ලියවිල්ල එම විහාරස්ථානයේ මහා සංඝරත්නයට බාරදීමටද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *