Stafford ජාත්‍යන්තර පාසල සමාජ මාධ්‍ය හරහා එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ 07 පිහිටි Stafford ජාත්‍යන්තර පාසලේ ගුරුවරුන් විසින් සමාජ ජාල තුළ ඉස්ලාම් විරෝධී අදහස් ප්‍රකාශ කරමින් සිටින බවට චෝදනා එල්ල කරමින් සමාජ ජාල තුළ සංසරණය වන ඡායාරූප තරයේ ප්‍රතික්ෂේප කරන බව එම පාසල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනු ලැබේ.

ඒ පිළිබඳ කිසිදු වගකීමක් නොගන්නා බවත් එම ඡායාරූපවල සදහන් පුද්ගලයන් තම පාසලේ ගුරුවරුන් හෝ සේවකයන් නොවන බවද Stafford ජාත්‍යන්තර පාසල දැඩිව ප්‍රකාශ කරයි.

කොළඹ 07 පිහිටි Stafford ජාත්‍යන්තර පාසල වසර 33ක් මුළුල්ලේ ස්ථාපිත වී තිබේ. ඡායාරූපවල සදහන් දෝහා කටාර්හි Staord ශ්‍රී ලංකා පාසලට කවරදාක හෝ කිසිදු සම්බන්ධයක් පෙර නොතිබූ බවත් දැනටද නොමැති බවත් අවධාරණය කෙරේ. එසේම ශ්‍රී ලංකාව තුළ හෝ වෙනත් රටවල පාසලේ ශාඛා නොමැති බවද සදහන් කෙරේ.

“ශ්‍රී ලංකාවේ Stafford ජාත්‍යන්තර පාසලේ ගුරුවරුන් සමාජ ජාල තුළ ඉස්ලාම් විරෝධී අදහස් හා ඡායාරූප පළ කරනවා කියන මෙම ලදනම් විරහිත, සාවද්‍ය තොරතුරු අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා.“ යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Stafford ජාත්‍යන්තර පාසලේ ශාස්ත්‍රාලීය අධ්‍යක්‍ෂ සුවින් වෙත්තිමුණි මහතා පැවසීය.

1986 වසරේ දී ආරම්භ කළ මෙම ජාත්‍යන්තර පාසල එක්සත් රාජධානියේ Edexcel සහ Cambridge විශ්වවිද්‍යාල මගින් පිරිනැමෙන ජාත්‍යන්ත විභාල සදහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් යොමු කිරීම මෙහිදී සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *