පාස්කු ප්‍රහාරයට මාසයයි – කොච්චිකඩේ පල්ලිය ඉදිරිපිට සිහිපත් කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වී අදට (21) මාසයක් ගත වේ. ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදා කොළඹ හෝටල් 03කට සහ කොච්චිකඩේ,කටුවාපිටිය සහ මඩකලපුවේ දේවස්ථාන 03කට ත‍්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කරනු ලැබීය.

මෙම ප්‍රහාරවලින් මියගිය අහිංසක වැසියන් සිහිපත් කරමින් විශේෂ දේව මෙහෙයක් අද උදෑසන කොළඹ කොච්චිකඩේ ශුද්ධවූ අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානය අභියස දී පැවැත්වුනි.

පාස්කු ඉරිදා ප්‍රහාරයන් හමුවේ ජීවිත 250කට අධික ප්‍රමාණයක් අපේ රටට අහිමි වූ අතර 450කට අධික පිරිසක් තුවාල ලැබූහ.

මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ගතවු කාලය තුළ රට පුරා විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවක් දියත් කෙරුණු අතර එහිදී ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් 89දෙනෙකු අත්අඩංගුවට ගැනුණි. ඉන් 69දෙනෙකු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේත්, සෙසු 20දෙනා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේත් රඳවා ගෙන තවදුරටත් ප‍්‍රශ්ණ කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *