රජයේ වෙබ් අඩවි රකින්න CERT වෙතින් විශේෂ වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය ආයතනවල වෙබ් අඩිවි ,සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කටයුතු යොදා තිබේ.

ඒ යටතේ අමතර ආරක්ෂක මෘදුකාංග හඳුන්වා දීමටද සංසදය මේ වනවිට පියවර ගෙන ඇත.

පසුගිය ඉරිදා දින එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් මෙරට වෙබ් අඩවි 13කට බලපෑම් එල්ල වූ අතර ඒ අතර කුවේටයේ මෙරට පිහිටි තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය ද ඇතුළත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *