අයිෆල් කුළුණ තාවකාලිකව වැසේ

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල් කුළුණ තාවකාලිකව වසා දැමීමට ආරක්‍ෂක අංශ පියවර ගෙන ඇත.

අයිෆල් කුළුණ පරිශ්‍රයට ඇතුලු වූ පුද්ගලයෙකු එම කුළුණේ දෙවන මහල දක්වා අනවසරයෙන් ගමන් කර ඇත. එම අවස්ථාවේදීම ආරක්‍ෂක අංශ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

එම ස්ථානයේ සිටි සියලුම ජනතාව ඉවත් කිරීමටත් බලධාරීන් කටයුතු කර ඇත. අයිෆල් කුළුණ අවට ආරක්‍ෂාව තරකර ඇති අතර යළි දැනුම් දෙන තුරු එය නැරඹීම තාවකාලිකව නවතා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *