සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය ඉරිදා(19) ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට එල්ල වූ සයිබර් ප්‍රහාරයත් සමග රජයට අයත් ආයතනවල වෙබ් අඩිවි ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

සයිබර් ප්‍රහාරවලින් වැළැකීම සදහා අමතර ආරක්ෂක මෘදුකාංග හඳුන්වා දෙමින් ආරක්ෂාව දැඩි කර ඇති බව එහි තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා පැවසීය.

මෙම සයිබර් ප්‍රහාරයෙන් අනතුරුව රජයේ වෙබ් අඩවි (gov.lk) සදහා මේ වන විට ආරක්‍ෂාව තහවුරු කර ඇත. බොහෝමයක් රජයේ වෙබ් අඩවිවලට හොස්ටින් පහසුකම් මෙරට ලබා දෙනුයේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයයි. ඒ අනුව ටෙලිකොම් හි නිලධාරීන් සමඟ ද සාකච්ඡා කර ගත හැකි සියලු ආරක්‍ෂක ක්‍රියාමාර්ග ගෙන ඇතැයි රවිඳු මීගස්මුල්ල මහතා කියා සිටියේය.

මීට අමතරව රජයේ සෑම වෙබ් අඩවියක්ම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් නිරීක්‍ෂනයකට ලක්කිරීමේ වැඩපිළිවෙලක් දියත් කර තිබේ.

එසේම සයිබර් ප්‍රහාරයට ලක්වූ බොහෝමයක් වෙබ් අඩවි මේවන විට යථාතත්ත්වයට පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *