එතෙරදී ආබාධිත වන ශ්‍රමිකයන්ට රජයෙන් නිවසක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා ගොස් සේවා ස්ථානයේ දීසිදු වන අනතුරක් හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ නිවසක් නොමැති ශ්‍රමිකයින් සඳහා නිවසක් සාදා ගැනීමට කාර්යාංශය මගින් ‘සහන නිවාස’ වැඩසටහන යටතේ රුපියල් මිලියනයක මුදලක් ලබා දීමට පියවර ගෙන ඇත.

මෙම වැඩසටහන කාර්යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට ඊයේ (22) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දී අත්සන් තැබිණි.

වසර 5ක කාලසීමාවක් සඳහා වලංගුව පවතින මෙම ගිවිසුම අනුව ව්‍යාපෘතියේ සියලු අධීක්ෂණ කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් සිදුකිරීමට නියමිතය. රුපියල් ලක්ෂ 10ක මෙම ආධාර මුදල සම්පූර්ණයෙන්ම කාර්යාංශය මගින් ලබාදෙන අතර, වාරික 6කින් මුදල ගෙවා අවසන් කරනු ලැබේ. මෙම නිවාස ආධාර මුදල් ලබාගැනීම සඳහා ශ්‍රමිකයා විදේශ ගතවීමේ දී කාර්යාංශයේ ලියාපදිංචිය ලබා තිබිම අනිවාර්ය වේ. දැනටමත් නිවසක් හිමි අයකු නම් ආබාධිත පුද්ගලයකුට සරිලන පරිදි එය නවීකරණය කිරීමටද හැකියාව ලැබේ.

මෙම නිවාස ආධාර ලබාදීමේ වැඩසටහන මුලින්ම 2008 වර්ෂයේ ආරම්භ කළ අතර, මේ වන විට නිවාස 46ක් ඒ යටතේ සාදා නිම කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *