ඉවසීමෙන් කටයුතු කළ යුතුයි . . මට දැන් මහන්සියි-ඥාණසාර හිමි

(කොළඹ, ලංකාපුවත්) – ඉවසීමෙන් ඉදිරි කාලයේ කටයුතු කළ යුතු බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

ජනපති සමාව හිමිව නිදහස ලැබීමෙන් පසු රුක්මලේ ශ්‍රී ධර්මවිජයාරාම විහාරස්ථානය වෙත පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඥාණසාර හිමියන් ඊයේ(23) මේ බව ප්‍රකාශ කළේය.

රට වෙලාගනිමින් ඇති අන්තවාදීත්වය පිළිබඳ දූරදර්ශීව කටයුතු කළ යුතු බවත් මේ වන තෙක් රට වෙනුවෙන් කටයුතු කළද මේ වන විට තමන් වහන්සේ දැඩි වෙහෙසට පත්ව ඇති බවත් ඉදිරියේ දි ආගම දහමට ලැදි වෙමින් ශාසනික දිවියක් ගත කිරීමට අදහස් කරන බවත් උන්වහන්සේ පැවසීය.

භික්ෂුවක් ලෙස තමන් සිංහලයාට කළ යුතු යුතුකම් කර ඇති බව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැඩිදුරටත් පැවසීය.

ඉකුත් වසරේ අගෝස්තු මස 08වනදා සිරදඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කිදහස් කෙරුනේ සිරගත කර මාස 09කට පමණ පසුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *