(කොළඹ, ලංකාපුවත්) –පොප් ගායිකා සෙලීනා ගෝමස් තම පෙම්වතා වන බිල් මුරේ සමග විවාහ වන බව ඉන්ස්ටග්රෑම් ගිණුමට ඡායාරූපයක් සමග සටහනක් තබමින් නිවේදනය කරයි.
26 හැවිරිදි ඇය හා 68 හැවිරිදි ඔහු අතර පවතින සබඳතාව පිළිබඳ විවිධ කටකතා පසුගිය වකවානුවේ නිරන්තරයෙන් අසන්නට ලැබිණි.
අවසන් වූ කෑන්ස් සිනමා උළෙල සඳහා සෙලෙනා රතු පලස මතින් ගමන් ගත්තේ ප්රකට නළුවකු වන බිල් මුරේ සමගිනි. ඇය ඉතා දීප්තිමත් අයකු බවත් වඩාත් කරුණාවන්ත සහ ස්වභාවික ගති පැවතුම් ඇත්තියක ලෙස බිල් තම පෙම්වතිය හඳුන්වා තිබේ.