ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුගත් රත්නායකගේ “තොරතුරු විප්ලවය හා ප්‍රවෘත්ති” කෘතිය එළිදකී

(කොළඹ, ලංකාපුවත්) – චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ උපදේශක මාධ්‍යවේදී සුගත් රත්නායක මහතාගේ “තොරතුරු විප්ලවය හා ප්‍රවෘත්ති” (Information revolution & News) කෘතිය ආගමික නායකයින්, විශ්ව විද්‍යාල අචාර්යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, දේශපාලඥයින් හා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා කොළඹදී එළිදක්වනු ලැබීය.

එහිප්‍රධාන දේශනය පවත්වමින් කොළඹ විශ්වවිද්‍යාල‍යේ ශ්‍රී පාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පැවසුවේ සුගත් රත්නායකයන්ගේ මෙම කෘතිය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අත්පොතක්වනු ඇති බවයි. කාලයක් තිස්සේ ජනමාධ්‍ය ග්‍රන්ථකරණයේ පැවති හිඩැසක් ඔහු මෙමඟින් සම්පුර්ණ කර ඇති බව හෙතෙම සඳහන් කළේය.

“තොරතුරු විප්ලවය හා ප්‍රවෘත්ති” කෘතිය පාසල් පුස්තකාල සදහා නිර්දේශිත කෘතියක් ලෙස දැනටමත් අධ්‍යාපන අමාත්‍යංශය නිර්දේශ කර ඇත.

මෙහි කතුවරයා දැනට චීනයේ බෙයිජිං නුවර චීනජාත්‍යන්තර ගුවන් විදුලියේ (China Radio International -CRI) සිංහල සේවයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරයි.

ප්‍රවෘත්ති කරණය පිළිබද දශක එකහමාරකට ආසන්න කාලයක ප්‍රයෝගික අත්දැකීම් ඇති සුගත් රත්නායක මහතා වෘත්තීය ජීවිතය තුළ ලත් අත්දැකීම් හා ශාස්ත්‍රීය කරුණු ඇසුරින් මෙය සම්පාදනය කර ‍තිබේ. විශ්වවිද්‍යාලසිසුන්,ජනමාධ්‍යවේදීන්, පාසල් සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය හදාරන සිසුන් සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන නවකයින් ඉලක්ක කර මෙම කෘතිය රචනා කර ඇත. එය පුස්තකාල සදහා නිර්දේශීත කෘතියක් ලෙස ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන්දඅනුමතකර තිබේ.

මොණරාගල දඹගල්ල පියරතන මහා විද්‍යාලයෙන් මුලික හා ද්විතීක අධ්‍යාපනය ලැබු සුගත් රත්නායක මහතා කැළණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබද විශේෂවේදී උපාධියත්, ජනසන්නිවේදනය පිළිබද ශාස්ත්‍රපති උපාධියත් ලබාගෙන ඇත.ඔහු දැනට ජනසන්නිවේදනය පිළිබද දර්ශනපති උපාධිය හදාරමින් සිටී. පාසල් කාලයේ සිටම ලේඛන කලාවට ඇලුම් කළ ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ “මාගේ දේශය අවදි කරනු මැන”, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ “අරුණෝදයේ දරුවෝ”, කැළණිය විශ්ව විද්‍යාලයේ “බිහිදොර අබියස” යන කලා උළෙල වලදී කෙටි කථා අංශයෙන් ජයග්‍රහණ ලබාගෙන ඇත.

සුගත් රත්නායක මහතා ජාත්‍යන්තර ප්‍රවෘත්ති පිළිබඳ හසල දැනුමක් ඇති විශ්ලේෂකයෙකි.

ඔහු සිරස නිව්ස්ෆස්ට් හා සම්බන්ධ වී කටයුතු කර ඇති අතර ඊට පෙර ඔහු දිනමිණ පුවත්පතේ වසර 04ක කාලයක් නිදහස් ලේඛකයෙකු ලෙස සේවය කර තිබේ. එම කාලය තුළ දේශපාලන, ආර්ථික, සාමාජීය, අධ්‍යාපන, සංස්කෘතික, කලාව හා නීතිය යනාදි විවිධ ක්ෂේත්‍ර ආවරණය කෙරෙන ලිපි ඔහු සම්පාදනය කර ඇත. එසේම සුගත් රත්නායක මහතා චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය හා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එක්ව ප්‍රකාශයට පත් කරන “සුභාසර“ත්‍රෛමාසික සඟරාවේ කර්තෘවරයෙකි.

ඔහු ජාත්‍යන්තර සමුළු රැසක ප්‍රවෘත්ති ආවරණ කටයුතුවලට ද සහභාගීවීඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *